2024 ජනවාරි 24, ප.ව. 5:20
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී එය වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා.
එහි දී එම පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක් පමණයි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (23) ආරම්භ වූ අතර, ඊයේ දිනයේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ද පැවැත් වුණා.
එහි දී වැඩි ඡන්දයෙන් තීරණය වූයේ කෙටුම්පත විවාදයට ගැනීමටයි.
එහි දී විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණයි
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19