hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 16, ප.ව. 1:30


වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

මාතර, වැලිගම පොලීසිය ඉදිරිපිට අද (16) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් එයට සම්බන්ධ නොමැති බව පවසමින්.

පසුගිය දා අතිරේක පන්තියකට සහභාගී වී අදාළ දැරිය නිවස කරා යමින් සිටිය දී තරුණයින් සිව්දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලක් මත වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙක් ඊයේ සවස දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එයට විරෝධය පළ කරමින් අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් කෑ කෝ ගසමින් පොලීසිය ඉදිරියට රැස්ව පවසා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දෙදෙනා අදාළ සිදුවීමට සම්බන්ධ නොවන බවයි.