hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 30, ප.ව. 9:13


කාලගුණය වෙනස් වෙයි – දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ, අද (30) පස්වරු 7.00 සිට හෙට (31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.

කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.