hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 ජූලි 28, ප.ව. 3:57


තවත් ප්‍රවීණ කලාකරුවෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළ මංගල ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පියෙක්.

කාලයක් රෝගාතුරව පසු වූ මෙම ප්‍රවීණ කලාකරුවා මිය යන විට 72 වියේ පසු වුණා. ඔහුගේ දේහය රාජගිරිය පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.