hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 7:45



ශ්‍රී ලංකා මහබැංකුව මගින් රජය වෙත ලබාදී ඇති ණය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 135කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුවේ නවතම දත්ත අනාවරණ කරනවා.

ඒ අතර මෙරට බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට නිකුත් කළ ණය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 46කින් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දර්ශකවලට අනුව ශ්‍රී ලංකා මහබැංකුව ඔක්තෝබර් මාසයේදී රජයට ලබාදී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,178.4ක්.

කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේ මහබැංකුව රජයට ලබාදී තිබූ සමස්ත ණය ප්‍රමාණය දැක්වුණේ රුපියල් බිලියන 7043.4ක් ලෙසයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රජයට ලබාදී ඇති සමස්ත ණය රුපියල් බිලියන 135කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් මහබැංකුව රජයට ලබාදුන් ණය එනම් මුද්‍රිත මුදල් ප්‍රමාණය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 3351.7ක් දක්වා වැඩි වී තිබෙන අතර එය ඊට පෙර මාසයේදී දැක්වුණේ රුපියල් බිලියන 3302.4ක් ලෙසයි.

මේ අතර මෙරට බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට නිකුත් කළ ණය පෙර මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 46.8කින් පහත වැටී තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 7576.9ක ණය පෞද්ගලික අංශයට ලබාදී තිබුණද ඔක්තෝබර් මාසයේදී එය රුපියල් බිලියන 7530.1ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුවේ නවතම දත්ත අනාවරණ කරනවා.

මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ අවසන් මාස 5 තුළ පෞද්ගලික අංශය වෙත ලබාදී ඇති ණය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 224.4කින් පහත වැටී තිබීමද විශේෂත්වයක්.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ බොහෝ වාණිජ බැංකු නව ණය නිකුත් නොකර මහබැංකුවේ සිය මුදල් තැන්පත් කිරීම මීට හේතු වී ඇති බවයි.

ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමද මෙලෙස ණය නිකුත් කිරීම් පහත වැටීමට හේතුවක් වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: