hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 08, ප.ව. 2:58



වසර ගණනාවකට පසු ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා දෙගුණ කර තිබුණද ලොතරැයි අලෙවිය ඉතා සාර්ථක බව වාර්තා වෙනවා.

විශේෂයෙන් රටපුරා බොහෝ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් උනන්දුවෙන් හා කැපවීමෙන් ලොතරැයි අලෙවි කිරීමත් ත්‍යාග මුදල් වැඩි කිරීමත් අලෙවිය සාර්ථකවීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

විශේෂයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇතැම් ලොතරැයි පත්වල ත්‍යාග මුදල් දෙගුණ තෙගුණ කිරීමත් සමහර ලොතරැයි පත්වල ත්‍යාග මුදල් 2000 සිට 5000 දක්වා ද රුපියල් 10000 තෑගි මුදල 10,0000 දක්වා වැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.

අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් සදහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙනවා.

මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවසුවේ බලාපොරොත්තු වූ පරිදි දිවයින පුරා ලොතරැයි අලෙවිය ඉතා හොඳ තත්වයේ පැවති බවත් ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් උනන්දුවෙන් ඒ සඳහා වැඩ කටයුතු කරන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: