hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2022 අගෝස්‍තු 30, ප.ව. 2:46



ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු පවුල් 61,000ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් , එවැනි එක් පවුලකට ඉදිරි මාස 04 සඳහා මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

අද (30) පාර්ලිමේන්තුවේදී අතුරු අයවැය ඉදිරිපත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගර්භණී කාන්තාවන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමටත් යෝජනා කරන බවයි.

ආර්ථීක අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: