hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:42



දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (පසුගිය සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.

එම ආදායම ප්‍රවේශ පත්‍ර වලින් ආහාර පානවලින් සහ අනෙකුත් සේවා වලින් ලද ඒවා බවයි සමරසිංහ මහතා සඳහන් කළේ.

පෙරේදා (17)  සෙනසුරාදා දින විදේශිකයන් පනස් දෙනෙකු පමණ ඇතුළුව පුද්ගලයන් 7300 දෙනෙක් නෙළුම් කුළුණේ අසිරිය දැක බලා ගැනීම සඳහා පැමිණ තිබූ බව ඒ මහතා පෙන්වා දුන්නා.

මහජනතාව සඳහා විවෘත කල ඉකුත් 15 වැනි දින සිට ගතවූ දින තුනට ලද ආදායම රුපියල් ලක්ෂ 70 ඉක්මවූ බවත් එය නැරඹීම සඳහා ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: