2023 පෙබරවාරි 02, පෙ.ව. 6:20
බ්ලූම්බර්ග්හි ධනපතින්ගේ ලැයිතුවේ ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතර රැඳී සිටි ගෞතම් අදානි එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අදානි සමූහයේ සමාගම්වල කොටස් මිල පහළ යාමත් සමඟයි එම සමාගමේ කොටස් මිල ගණන් කෘතිම ලෙස හැසිරවීම සහ ගිණුම්කරණ වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර Hindenburg Research ආයතනය විසින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවෙන් පසු අදානි සමූහයේ කොටස් මිල ගණන් මේ වන විට සීඝ්‍ර යෙන් පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයවන විට ගෞතම් අදානිගේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 150 ඉක්මවා ගොස් තිබුණා.
නමුත් බ්ලූම්බර්ග්හි නවතම වාර්තාවලට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ දින තුනක් ඇතුළත අදානි සමූහයේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 34කින් අඩු වී ඇති බවයි.
මේ වන විට ඔහුගේ සමස්ත වත්කම් ප්‍රමාණය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 84.4ක් ලෙසයි.
2023 ඔක්‍තෝබර් 02, ප.ව. 6:16
2023 ඔක්‍තෝබර් 02, ප.ව. 4:36
2023 ඔක්‍තෝබර් 02, ප.ව. 12:15
2023 ඔක්‍තෝබර් 02, ප.ව. 12:09
2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 6:30