hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:43


WhatsApp
Telegram

ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සහ ඔවුන්ගේ සේවාවන් අපේක්‍ෂා කරන දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයින් එකිනෙකා හා ඍජුව සම්බන්ධ කරන මෙරට එකම ඩිජිටල් වේදිකාව වන alupenters.lk වෙබ් අඩවිය පසුගිය දා පැවැති LK Domain Registry විසින් සංවිධානය කරන ‘Best Web Awards 2022’ සම්මාන උළෙලේදී ඉහළම ඇගයීමට පාත්‍ර විය.

එහිදී alupenters.lk වෙබ් අඩවිය විසින් අලෙවි හා දැන්වීම්කරණ අංශයේ රන් සම්මානය දිනා ගත් අතර අංශ 12ක සියලු රන් සම්මානලාභීන් අතරින් හොඳම වෙබ් අඩවිය ලෙස ‘Overall Gold Award’ සම්මානය දිනාගැනීම ද කැපී පෙණුනි.

වර්තමානය වන විට ඒ හරහා දොරවල්, ජනෙල්, පාටිෂන්, ෂොප් ෆ්‍රන්ට්ස්, ලූවර්ස්, නානකාමර, වහලවල්, ටයිල් ස්කර්ටින්, ඉනිමං, රාක්ක, ඇඳුම් අල්මාරි, පැන්ට්‍රි කබඩ් ආදී ඇලුමිනියම් නිෂ්පාදන ආශ්‍රිත සේවා සපයන ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් 800කට වැඩි පිරිසක් දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයන් දහස් ගණනක් සමඟ සම්බන්ධ වී සිටී.

විශේෂයෙන්ම ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන් හට පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අමතරව සිය සේවාවන් හා ව්‍යාපාර වෙත වඩාත් වෘත්තීය මුහුණුවරක් ලබාදීමට හැකි වීම alupenters.lk වෙබ් අඩවිය හරහා සිදු වන වැදගත් සේවයකි.

ඉහළම ස්ථරයේ සිටින විෂය ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින්, විධිමත්ව සම්පාදනය කරන ලද නිර්ණායක යටතේ තෝරාගැනීම් සිදු කරන ලද අතර තාක්‍ෂණික තත්ත්වය, සැලසුම්කරණය, අන්තර්ගතය, පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂණය, අන්තර්ක්‍රියා සහ ජංගම යෙදවුම් තුළ ක්‍රියාකාරිත්වය යන අංශ කෙරෙහි මෙහිදී විශේෂයෙන් සැළකිලිමත් වී ඇත.

වෙබ් සම්මාන උළෙලේදී දැන්වීම්කරණ සහ අලෙවිකරණ කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත් alupenters.lk වෙබ් අඩවිය සම්මාන උළෙලේ තරඟ අංශ සියල්ලෙන්ම වැඩිම ලකුණුලාභීන් අතර මුල් තැන ගනිමින් ‘Overall Gold Award Winners’ සම්මානය ද දිනා ගන්නා ලදි.