hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2022 ජූලි 21, පෙ.ව. 9:51



පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති.

පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්ෂේත්‍රය ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට සහන සැපයීම දීර්ඝ කරන ලෙස ට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින් මහබැංකුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: