hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:09



සුබසාධක සහනාධාරය හිමිවිය යුතු ජනතාව වෙනුවෙන් QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමෘද්ධි, වැඩිහිටි සහ ශාරීරික ආබාධ සහිත දීමනා ලබන්නන් අතර සැබෑ මූල්‍ය ආධාර අවශ්‍ය අය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වා දීමට නියමිතයි.

මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් සහ එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල පුද්ගලයින්ද වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන සියලු පිරිස් මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇතැයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා පවසනවා.

ඒ අනුව පවුල් මිලියන 3.9ක් මෙම වැඩසටහන සඳහා අයදුම් කරනු ඇති බවට මේ වනවිට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

මූලික පියවර 06ක් යටතේ මෙම වැඩසටහන දියත් කරනු ඇති.