hit counter

2025 පෙබරවාරි මස 19 වන බදාදා

2023 ජූලි 03, ප.ව. 12:52



ලියාපදිංචිය සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා භාවිත නොකරන පෞරාණික වටිනාකමකින් යුත් වාහන (Antique) වලට කැබිනට් අනුමැතියකින් සහනයක් ලබා දී ගමනාගමනයට ඉඩ ලබාදීමට රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා වසර ගණනක් තිස්සේ ලියාපදිංචි නොකළ වාහන විශාල සංඛ්‍යාවක් නිවෙස් තුළම රඳවා ගෙන සිටින බව අනාවරණය වී තිබෙනවා.

එබැවින්, එම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ යටතේ සහන ක්‍රමවේදයකට ආදායම් බලපත්‍ර ලබාදීමටද නිර්දේශ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: