hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 11, ප.ව. 2:56



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම පසුගියදා කොළඹ BMICH හිදී අති සාර්ථකව පැවත්වුණු ‘Architect 2025’ වාර්ෂික ගෘහ නිර්මාණ ප්‍රදර්ශනයට දැවැන්ත ආකර්ෂණයක් එක් කරමින් ඊට සිය දායකත්වය දැක්වීය. දින 3 ක් පුරා පැවත්වුණු ‘Architect 2025’ ප්‍රදර්ශනයට 6000 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඊට ගෘහ නිර්මාණ ශිල්පීන්, අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්, ඉදිකිරීම් වෘත්තිකයින්, ගෘහ නිර්මාණකරණ ශිෂ්‍යයින් සහ මහජනතාව ඇතුළු විවිධ පිරිස් අයත් විය. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ප්‍රදර්ශන භූමිය තුළ කැපී පෙනෙන ප්‍රදර්ශන කුටි පිහිටුවා තිබූ අතර එහි සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට අමතරව නරඹන්නන් හට නොමිලේ විශේෂඥ උපදෙස් ලබා දීමට සහ තවත් ආකර්ෂණීය ක්‍රියාකාරකම් සිදුකිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම කටයුතු කර තිබුණි.

“‘Architect 2025’ ප්‍රදර්ශනය දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය විසින් සමරනු ලබන වැදගත්ම වාර්ෂික ඉසව්වක්. දේශීය තීන්ත වෙළඳපොලේ ප්‍රමුඛයා වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ‘Architect 2025’ ප්‍රදර්ශනය තුළත් නරඹන්නන් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වුණා. ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, පාර්ශවකරුවන් සහ පාරිභෝගිකයින් සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකි වීම සන්නාමයක් වශයෙන් අපට ලැබුණු අනගි අවස්ථාවක්. අපේ ආකර්ෂණීය ප්‍රදර්ශන කුටි හරහා නරඹන්නන් අතරට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාමය සාර්ථකව ගෙන යාමට කටයුතු කළ විශේෂඥ කණ්ඩායමේ කැපවීම ගැන මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තූති පූර්වකව සඳහන් කළ යුතුයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ කලාප ප්‍රධානී සිරීෂ් රාඕ මහතා පැවසීය.

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ජල ආරක්ෂණ විසඳුම් පෙළ පිළිබඳවද නරඹන්නන් විශේෂ අවධානයක් යොමු කළ අතර ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විශේෂඥ උපදේශකයින් සහ නරඹන්නන් අතර ඒ පිළිබඳව බොහෝ සංවාදයන් සිදුවනු දැකගත හැකි විය. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය විසින් අනුමත කර ඇති මෙම නිෂ්පාදන පෙළ SLS සහ Green Certificate වැනි සහතිකකරණයන්ද දිනා ඇති අතර එය නිෂ්පාදනවල සාර්ථකත්වය පිළිබඳව නරඹන්නන් තුළ විශ්වාසය තහවුරු කරන්නනක් විය.

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ දැව ආලේපන නිෂ්පාදනද වැඩි වශයෙන් නරඹන්නන්ගේ අවධානයට යොමු වූ අතර මෙම නිෂ්පාදනවල ඉහළ කල්පැවත්ම, උසස් නිමාව සහ ආලේපන භාවිතා කරන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් බොහෝ දෙනා උනන්දු වනු දැකගත හැකි විය. එමෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ලබා දෙන Safe Painting සේවාව සම්බන්ධයෙන්ද බොහෝ දෙනා උනන්දු වන ආකාරය දැකගත හැකි වූ අතර නුතන නිවෙස් හිමිකරුවන්ට සහ ඉදිකිරීම් වෘත්තිකයින් හට ගැලපෙන ආකාරයට නිර්මාණය කර තිබෙන මෙම  සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ වටිනාකම් එක්කළ අමතර සේවාවන් ඔවුන්ගේ නොමඳ පැසසුමට ලක් විය.

ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහාම නිර්මාණය කෙරුණු ඒෂියන් පේන්ට්ස් කෝස්වේ නිෂ්පාදන පෙළ වෙනුවෙන් වෙන් කර තිබුණු Royale Play අංශය ප්‍රදර්ශන කුටිවල ආකර්ෂණීයම කොටසක් වූ අතර බොහෝ නරඹන්නන් පිරිසක් මෙම නිෂ්පාදන පෙළෙහි අත්දැකීම ලබා ගැනීම සඳහා එක් රොක් වනු දැකගත හැකි විය. ගෘහ නිර්මාණ ශිල්පීන්, ශිෂ්‍යයින් සහ පාරිභෝගිකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන වර්ණ අධ්‍යයනයට සහ අත්හදා බැලීමට නිදහස ලැබෙන නිසා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් නරඹන්නන්ට රැගෙන යාමට හැකි ආකාරයට බෙදා දුන් වර්ණ සාම්පල පොත් වලට විශේෂ ඉල්ලුමක් තිබෙනු දැකගත හැකි විය.

‘Architect 2025’ ප්‍රදර්ශනය තුළ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ලද සාර්ථකත්වය තහවුරු කළ සුවිශේෂී කරුණක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වෙතින් පුහුණු වැඩසටහන් සඳහා ලැබුණු ඉල්ලීම් ප්‍රමාණයයි. එමෙන්ම සාම්පල් පොත් සහ වෙනත් තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා වෙනුවෙන් ඉහළම ඉල්ලුමක් ලැබීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ‘Architect 2025’ ප්‍රදර්ශනය හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ මහජනතාව සමඟ සම්බන්ධ වීමට ලද අවස්ථාව පිළිබඳව සතුටට පත් වෙන අතර ඉදිරියටත් නව්‍යකරණය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩවම කැපවෙමින් ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උරදෙන, කල්පැවත්මෙන්, අනර්ඝ නිමාවෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් උසස් නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.