hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 3:40



අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසය සඳහා ගෙවීම් සිදු නොකළ ඉතිරි පවුල් වෙනුවෙන් අදාළ ගෙවීම් කටයුතු ඉදිරි මාස දෙක තුළ දී අවසන් කිරීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) රත්නසිරි රාජපක්ෂ ප්‍රකාශ කළා.

මේ වනවිට ජූලි මාසයට අදාළව සම්පූර්ණ ගෙවීම් සිදුකර ඇත්තේ පවුල් ලක්ෂ 12කට පමණක් බවත් , පවුල් ලක්ෂ 05ක බැංකු ගිණුම්වල ඇති විවිධ ගැටලු හේතුවෙන් ජූලි මාසයට අදාළ දීමනා ගෙවීම් ප්‍රමාද වී ඇති බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත.

අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රසිද්ධ කළ ප්‍රතිලාභ හිමි වන්නන්ගේ නාමලේඛනයට එරෙහිව ලක්ෂ 10ක් පමණ අභියාචනා සහ විරෝධතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබූ බවත් ඉන් ලක්ෂ 10න් ලක්ෂ 7ක්ම විභාග කර අවසන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම වසරේ දෙසැම්බර් මස වනවිට පවතින සියලු ගැටලු නිරාකරණය කර 2024 ජනවාරි වනවිට කිසිදු ප්‍රමාදයකින් තොරව දීමනා ලබා දීමට පියවර ගන්නා බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: