hit counter

2026 ජනවාරි මස 26 වන සඳුදා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 12:16



හඳුනාගත් අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 2ක් අතරින් ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සඳහා එක් එක් අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව, පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ‘අස්වැසුම’ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා අවස්ථාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: