hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 17, ප.ව. 12:06


WhatsApp
Telegram

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීර්ඝ නොකරන බව ද වානිජ බැංකු පවසනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වානිජ බැංකු වසර ගණනාවක සිටම කටයුතු කර තිබුණා.

සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 15ක් තැන්පත් කරන්නන්ට මේ වන විට සියයට 23ක පොලී ප්‍රතිශතයක් ලබ ගත හැකි බවයි වානිජ බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් අහිමි කිරීමෙන් තැන්පත්කරුවන්ට පාඩුවක් නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.