hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 10:23



රජයට අයත් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ණයවලට අදාළ පොලී අනුපාතයන් ඉහළ දමා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පාරිභෝගිකයන් වෙත කෙටි පණිවුඩ මගින් දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

ණය පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දන්වා ඇති අතර දෙසැම්බර් මස 20 වැනිදා එම පොලී වැඩිවීම සිදු කෙරෙනු ඇති බවද ඔවුන් පවසනවා.

මෙම පොලී වැඩි කිරීම ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද අදාල වෙනවා.

මෙරට පිහිටි බැංකුවකින් අප කළ සොයා බැලීමකදී බැංකු නිලධාරියෙකු සඳහන් කළේ ජනවාරි, පෙබරවාරි මාස වලදී මින් පෙර අවුරුදු කිහිපයේම බැංකු පොලි අනුපාතය අඩු වූ බවයි.

ඒ පිළිබඳව ඒ කාල සීමාවේදී බැංකුවෙන් පොලි අනුපාතය පිලිබඳ විමසා ගෙවීමට ඇති පොලී අනුපාතය අඩු කරගත හැකි බවද එම නිලධාරියා සඳහන් කළා.