2023 මාර්තු 15, ප.ව. 12:35
ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසනවා.
ලංකා බැංකුවේ සියලුම අංශ සාමාන්‍ය පරිදි බැංකු සේවා සමඟින් මහජනතාවට සේවය කිරීම සඳහා ක්‍රියාත්මක වන බව ද ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කර තිබෙනවා.
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කර ඇත්තේ මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් අද පෙරවරු 10.30 වන විට පැමිණීම 75% ඉක්මවන බවත්ය.
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12