hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 11, පෙ.ව. 9:00



දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව ඊයේ(10) පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා,

“මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා.”