hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 9:29


WhatsApp
Telegram

තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නියෝග කර තිබෙනවා.

1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම විධාන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගනුදෙනුකරුවන් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගමක තැන්පතු ආරම්භ කිරීමේදී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම මෙම වසරේ ඔක්තෝබර් 1 වන දා සිට අනිවාර්ය වනවා.

එසේ වුව ද දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පුරවැසියන් තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය, පරිගණක පද්ධති තුළ සටහන් කිරීම අනිවාර්ය වන අතර ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන විට ජාතික හැඳුනුම් පත තැන්පත්කරුවෙකු විසින් තාවකාලිකව ආපසු භාර දෙනු ලැබ ඇති අවස්ථාවක පමණක් ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව මහ බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශීය ජාතිකයන් සහ ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයේ නියුතු හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන විදේශීය ජාතිකයන් හට ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට සිය විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කළ හැකි බව ද මහ බැංකුව ප්‍රකාශ කරනවා.

බාලවයස්කාර තැන්පතුකරුවන් හට උපන් දිනය සහ උප්පැන්න සහතික අංකය සටහන් කිරීම මගින් ලබා ගන්නා ඉලක්කම් 12කින් යුතු අංකය ඒ සඳහා භාවිත කළ හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: