hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 7:37



දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝදනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වන බව සුරා බදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

සුරාබදු බලපත්‍රවල අක්‍රමික පිහිටීම හමුවේ නගරාසන්න ප්‍රදේශවල විශාල බලපත්‍ර ප්‍රමාණයක් ක්‍රියාත්මකව පැවතීම මෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කිලෝමීටර් 30 – 40 දුරින් සුරා සැල් ස්ථාපිතව පැවතීම හේතුවෙන් එම අවිධිමත්භාවය ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම මෙම කටයුතු සිදු කරන බවයි, එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

සංචාරක පහසුකම් සපයන ස්ථානවලට බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමක් සිදු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සුරා නිෂ්පාදන බලපත්‍ර ඇතුළුව විශාල ඉල්ලුමක් ඇති බලපත්‍රවල ගාස්තුව ඉහළ නැංවීම තුළින් ආදායම වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

නව බලපත්‍ර සඳහා ඇති ඉල්ලුම සලකා බලා නව බලපත්‍ර ලාභීන්ට එක්වරක් ගෙවිය යුතු විශාල ගාස්තුවක් අය කිරීමක් ද සිදු කිරීමට නියමිතයි.

සුරා බදු බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තු ගාස්තුව ඉහළ දැමීමක් සිදු වන අතර දෙපාර්තමේන්තුවේ උත්සහය වන්නේ 2024 වසර ආරම්භය වන විට නව සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහායි.

මෙම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉතා ඉක්මනින් අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සංචාරක මණ්ඩලය අනුමැතිය ලද මහජන විරෝධතා නොමැති ස්ථානවලට බලපත්‍ර ලබාදීමට සූදානම් අතර කරුණු සොයා බැලීමෙන් අනතුරුව සංචාරක කලාපවල බලපත්‍රලාභී සුරාසැල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීමට ද යෝජනා කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

වැරදි කරන බලපත්‍රලාභීන් වෙනුවෙන් නිකුත් කරන දඩ මුදල් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: