hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 අප්‍රේල් 27, ප.ව. 4:45



මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවයි.

එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී  ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.