hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 22, පෙ.ව. 10:28



හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් පසුගිය සතියේ ස්ලෝවේනියාවේ Koper වරායේ සිට දකුණු කොරියාවේ Pyeongtaek වරාය දක්වා ගෙනයාමට නියමිත නවතම BMW මෝටර් රථ ඒකක 900 කට අධික ප්‍රමාණයක් හසුරුවනු ලැබූ බව වාර්තා වනවා.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිර දිශාවට සිදුකෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර මෙම මෙහෙයුමත් සමඟින් බටහිර සිට නැගෙනහිර දක්වා කෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් හැසිරවීම සම්බන්ධයෙන් ද, ish ප්‍රවීණත්වය පිළිබිඹු කර තිබෙනවා.

“මෙම ඉහළ පෙළේ වාහන දැන් අප වෙත පැමිණෙමින් තිබීම HIP හි කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සේවාවේ ගුණාත්මකභාවය සහ ප්‍රතිනැව්ගත කිරීමේ හැකියාව දැන් ‘ලෝකයේ හොඳම’ ප්‍රමිතීන්ට ළඟා වී ඇති බවට පැහැදිලි ඉඟියකි. පැසිෆික් සහ ඉන්දියන් සාගරය යන දෙකටම ප්‍රතිනැව්ගත කිරීම සඳහා වඩාත් පහසු ඇමතුම් වරාය වන හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි හි සේවාවන් ඉහළම මට්ටමේ පවතී. දැනට අපි අපේ විශේෂඥ දැනුම පළමුව විදුලි වාහන නිපදවන්නන් වෙත ලබා දෙනවා”, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hambantota International Port Group (Pvt) Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

පසුගිය වසරේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් වාහන ඒකක 500,000කට වඩා වැඩි ප්‍රමාණයක් නැඟෙනහිර නිෂ්පාදකයින්ගෙන් බටහිරට යවා තිබෙනවා. මේ වසරේ අප්‍රේල් මැද වන විට වරාය වාහන ඒකක 200,000කට වඩා ප්‍රතිනැව්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.