hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:01



සියලුම පාසල් සඳහා සියයට තිහක වට්ටමකට (30%) අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ඉතා විශිෂ්ට මට්ටමේ අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් මුද්‍රණය කරන බවයි සඳහන් වෙන්නේ.

එසේම පාසල්වලට අභ්‍යාස පොත් ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ වන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ වන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට කඩදාසි හිඟයක් නොමැති බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: