2023 මැයි 10, ප.ව. 7:07
රේගු ආඥා පනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝණය කරමින් දුඹුරු සීනි මෙට්රිපක් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160ක මුදලක් බැර කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පැවරුණා.
එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 09 දා රේගු නිලධාරීන් විසින් සොයා ගැනුණා.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09