2023 මාර්තු 27, ප.ව. 2:59
උත්සව සමයේදී ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට තාවකාලික අවසරයක් ලබා දීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, අප්‍රේල් 1 වන දා සිට 12 වන දා දක්වා වන කාල පරිච්ඡේදය තුළ මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථිර ඉදිකිරීම් සිදු නොකර සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවනවා.
මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කීපයක රෙදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන වෙන් කර දී තිබෙන බවත් දිවයිනේ අනෙකුත් සියලු ම ප්‍රදේශවලත් එලෙසින්ම උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නිරත වන නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරිම සඳහා උත්සව සමය වෙනුවෙන් තාවකාලික අවසරයක් ලබා දීමට නියමිතයි.
2025 ජනවාරි 23, ප.ව. 2:53
2025 ජනවාරි 23, ප.ව. 2:48
2025 ජනවාරි 23, පෙ.ව. 11:27
2025 ජනවාරි 22, ප.ව. 2:20
2025 ජනවාරි 22, ප.ව. 12:02