hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 22, ප.ව. 2:36



ලබන වසරේදී මෙරට වාහන වෙළෙද පොළෙහි කැපී පෙනෙන වෙනසක් සිදුවන ඇති බවට වාහන අලෙවිකරුවන් පෙන්වා දෙනවා.

අමතර ලීසිං සමාගම් සහ බැංකුවල පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත මෙරට වාහන මේ වන විට පහළ බැස ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ලබන වසරේ මුල් මාස කිහිපය තුළදීම වාහන මිල යළි ඉහළ යනු ඇති.

ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩොලරයේ වටිනාකම ලබන වසරේදි තවත් ඉහළ යනු ඇති බවයි.

ඩොලරයේ ඉහළ යාමත් සමග වාහන මිලට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වාහන මිල පහළ යනු ඇති බවට බියෙන් වාහන අලෙවි නොකරන ලද භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් දැනුම් දෙනවා.

මේ වන විට භාවිතා කරන ලද වාහන අලෙවි වන මිල ගණන් පහතින්,.

ටොයෝටා විට්ස් 2017 Rs. 7,050,000
ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000
හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000
හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000
සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000
සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000
ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000
ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000
හොන්ඩා ග්රේස් 2016 Rs. 8,600,000
හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000
ටොයෝටා CHR 2018 Rs. 11,250,000
ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000
නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000
මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000
මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000
මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000
නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000
සුසූකී එවිරි 2012 Rs. 3,825,000
ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000
ටොයෝටා කොරල්ලා 121 2001 Rs. 4,950,000