2023 පෙබරවාරි 01, ප.ව. 1:18
පසුගිය කාලය පුරාවට වාහන මිල ගණන් පිළිබදව ජනතාව තුළ දැඩි කතාබහක් තිබූ නමුත් මේ වන විට එය කතාබහෙන් තරමක් දුරට ඈත්ව තිබෙනවා.
වාහන සිහිනය සැබෑ කර ගැනීමට කැමති අයට නම් මේ වසර තරමක් දුරට සුබදායි වසර කියන්නට පුළුවන් බව වාහන අලෙවිකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අනෙකුත් විවිධ කාරණා පසෙක තබා භාවිතා කරන ලද වාහනයක මිල බැලුවහොත් තරමක් දුරට අඩුවී ඇති බවයි.
එය එසේ වුවද ඉන්ධ මිල, වාහන අමතර කොටස් මිල, වාහන සර්විස් කිරීමේ ගාස්තු ඔයිල් මිල ඇතුළුව, රක්ෂණාවරණ ගාස්තු වල කිසිදු අඩුවක් නම් සිදුවී නැහැ.
එසේම බැංකු මගින් ලබාදී ඇති ණය වලට අය කරන පොළිය ද ඉතා දැඩි ලෙස ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම ලිසිං ලබාදීම ද මේ වන විට බොහෝ ආයතන තරමක් දුරට නතර කර තිබෙනවා.
මෙවැනි ගැටළු සමග බලන විට වාහන මිල පමණක් අඩුවීම විහිළුවක් බව වාහනයක් ගැනීමට සිහින මවන පුද්ගලයන් පෙන්වා දෙන්නේ.
2023 වසරේ පෙබරවාරි වන විට භාවිතා කරන ලද වාහන අලෙවි වන්නේ පහත දැක්වෙන මිල ගණන් වලට සාපේක්ෂවයි.
Premio (2017) – ලක්ෂ 132 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – ලක්ෂ 49 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – ලක්ෂ 48 / පෙර මිල ලක්ෂ 60
Vitz (2018) – ලක්ෂ 65 / පෙර මිල ලක්ෂ 80
Grace (2014) – ලක්ෂ 66 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – ලක්ෂ 83 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – ලක්ෂ 36 / පෙර මිල ලක්ෂ 45
Alto (2015) – ලක්ෂ 25 / පෙර මිල ලක්ෂ 34
Alto japan (2017) – ලක්ෂ 37යි / පෙර මිල ලක්ෂ 45
Panda (2015) ලක්ෂ 20 / පෙර මිල ලක්ෂ 25
Mahindra KUV 100 (2020) ලක්ෂ 39 / පෙර මිල ලක්ෂ 50
2023 මාර්තු 28, ප.ව. 3:23
2023 මාර්තු 28, ප.ව. 12:20
2023 මාර්තු 27, ප.ව. 2:59
2023 මාර්තු 27, ප.ව. 12:06
2023 මාර්තු 27, පෙ.ව. 9:46