hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 12:02



විශ්‍රාම ගන්නා සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී කැඳ වූ අවස්ථාවේදියි.

මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේනේ විශ්‍රාම වැටුප් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවට පත්වන බවයි.

නිවැරදි ආකාරයෙන් අදාළ අයදුම්පත් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් සැකසීම ප්‍රමාද වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළ අතර විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බව එහි සභාපතිවරයා පැවසුවා.

කෙසේවෙතත්, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සලසන අයුරින් ක්‍රියා කරන ලෙස මෙහිදී සභාපතිවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.