hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:56



කැසිනෝ සඳහාවන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා සියයට 150කින් වැඩි කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

ඒ අනුව පසුගිය අගෝස්තු 1 වනදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද එලෙස ඉහළ දමා තිබෙන බවයි මුදල් ,ආර්ථික,ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එමෙන්ම මේ දිනවල ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කර තිබෙනවා.

වැඩිවිස්තර ඇතුළත් එම නිවේදනය පහතින්,