hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 03, ප.ව. 4:18



ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රලාභී සියලු වානිජ බැංකු වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

මෙම දැනුම් දීමට අනුව එක් එක් බලපත්‍රලාභී වානිජ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගැනීම එක් කැලැන්ඩර් මාසයක් සඳහා උපරිම වශයෙන් අවස්ථා පහකට සීමා කර තිබෙනවා.

මීට අමතරව එක් එක් වානිජ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම ලබා ගැනීමේ දී එය ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් 90%කට සීමා විය යුතු බවට ද මහ බැංකුව සඳහන් කරනවා.

වෙළෙඳපොළ විශ්ලේෂකයෙකු වන CT CSLA පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක/ක්‍රමෝපායක, සංජීව ප්‍රනාන්දු මහතා පවසන්නේ

“දැනට දෛනිකව බැංකු පද්ධතියේ තියෙන දේශීය බැංකු නිත්‍ය ණය පහසුකම යටතේ රු. බිලියන 545 ක් පමණ දෛනිකව ලබා ගන්නවා. මේ මාර්ගෝපදේශය හරහා ඒ බිලියන 545 ක ණය ගැනීම් අඩුකරලා තියෙනවා බිලියන 340 ක් දක්වා. එතන හිඟයක් ඇතිවෙනවා බිලියන 200 ක පමණ. ඊට අමතරව දැනට විදේශීය බැංකු නිත්‍ය තැන්පතු පහසුකම යටතේ බිලියන 300කට අධික ප්‍රමාණයක් දෛනිකව තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීම මාසයකට දවස් 5කට සීමා කිරීමෙන් වෙන්නේ, මහ බැංකුව බලාපොරොත්තු වෙනවා විදේශීය බැංකු වෙත ඇති මේ අතිරික්ත මුදල් දේශීය බැංකු හරහා ගොස් අවසානයේ පොලී අනුපාත අඩුකිරීමට පවා ඉවහල් වෙයි කියලා. මේ හරහා ඉදිරියේ දී පොලී අනුපාතවල පහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.“