hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:31



Satynmag CIMA Women Friendly Workplace Awards (WFWP Awards) 2022 සම්මාන උළෙලේදී මහජන බැංකුව, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස මෙවරත් සම්මානයට පාත‍්‍ර විය.

මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලේදී පැවති අතර, මෙහි ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපතිනි මෙලනි කනකා මහත්මිය අතින් මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ මහත්මීන් සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) කේ. නිහාල් මහතා වෙත මෙම සම්මානය පිළිගන්වන ලදි.

satynmag.com හි නිර්මාතෘ/ සංස්කාරක නයෝමිනි වීරසූරිය, CIMA Sri Lanka ආයතනයේ මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි සහ යන මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

කාන්තාවන් සවිබල ගන්වන සංස්කෘතියක් පවත්වාගෙන යන සමාගම් ඇගයීමට පාත‍්‍ර කිරීමේ අරමුණින් satynmag.com   සහ ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA Sri Lanka) දෙවන වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කළ අතර, මේ තුළින් කාන්තා හිතකාමී, සමානාත්මකතාවය අගයන සේවා සංස්කෘතියක් නිර්මාණය කිරිමට අවශ්‍ය දිරිය ලබාදෙයි.

මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 60% ක් කාන්තාවන් නියෝජනයක් කරන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉදිරියට යාම ස`දහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් දිරිමත් කරයි.