hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 9:01



1999 දී මෙරට සුවහසක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් රක්‍ෂණය සැලසීමේ අරමුණින් යුතුව ආරම්භ කෙරෙනු කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී පසුගිය වර්ෂ කිහිපය තුල මෙරට කාගෙත් ආකර්ශණයට ලක් වුන රක්‍ෂණ සමාගමක් ලෙස පත්වී තිබෙනවා.

රට ආර්ථීක වශයෙන් අස්තාවර වු මොහොතක පාරිභෝගිකයින්ට ඉතා සහනදායි මිල ගණන් යටතේ රක්‍ෂණ සැලසුම් හදුන්වා දීම ඔවුන් ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. විශේෂයෙන්ම කුඩා මොටර් රථය සිට සුපිරි මෝටර් රථය දක්වා දැනට දිවයිනේ අඩුම වාරිකය හඳුන්වා දෙමින් තම ලාභයම ප්‍රධානකර නොගත් මනුසත්කමේ රැකවරණය ඔවුන් දිවයින පුරා රැගෙන යමින් සිටිනවා. එය විශේෂයෙන් ම අද වන විට මෙරට බොහෝ ග්‍රාමීය මෙන්ම නාගරික ජනකොටස් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳගෙන සීටිමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

2022 වර්ෂය අවසන් වන විට රු.බි. 5ට ආසන්න විකුණුම් පිරිවැටුපක් වාර්තා කිරීම එම වර්ෂය තුල රක්‍ෂණ කර්මාන්තයේ බොහෝ සමාගම් හෝ අවධානය කොපරේටිව් ඉන්ෂුවරන්ස් වෙත යොමු වීමට හේතුවක් වුනා. රට ආර්ථීක වශයෙන් අස්ථාවර වු මොහොතක 2022 වර්ෂයේ දී රු.මි. 5.1ක ලාභයක් ලබා ගැනීමට හැකිවිම සමාගමේ ස්ථාවර පැහැදිලි කිරීමට කාරණයක් වේ.

2023 තුන්වන කාර්තුව අවසන් වනවිට රු.බි. 10 ක වත්කම් ප්‍රමාණයට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියනවා. ඒ වාගේම 2023 ජුලි මාසය අවසන් වන විට මොටර් රථ වාහනයන්හි හිමිකම් රු.මි.1794 මෙන්ම රථවාහන නොවන හිමිකම් රු.මි.246ක ගෙවා තිබිම සමාගමේ ප්‍රසස්ථභාවය පෙන්නුම් කරන සාධකයන් වේ.

“වෙළඳ ප්‍රචාරණය සීමා කරමින් සියළු පරිපාලන කටයුතු පිරිවැය අවම වන ක්‍රමයන් හරහා සිදුකරමින් එහි සම්පුර්ණ වාසිය පාරිභෝගිකයා වෙත ලබාදීම සමාගමේ මුලික හරයයි. එසේම නවීන තාක්‍ෂණික ක්‍රමයෙන් ඔස්සේ පාරිභෝගිකයා නිරන්තරයෙන් තෘප්තිමත් වන ආකාරයේ තාක්‍ෂණික සංස්කෘතිකයන් ඇති කිරීම මෙම සාර්ථකත්වයට පාදක වු බව” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලංකා පෙරේරා මහත්මිය අප සමග පැවසීය.

“සමුපකාර ක්‍රමය තුලින් සන්නධ වුනු සමාගමක් ලෙස මෙරට සියළුම ජන කොටස් වෙත සේවා සැපයීමේ අරමුණින් රක්‍ෂණ කාර්මාන්යේ තෙවන විශාලතම සේවා ජාලය නිර්මාණය කිරීම මේ ගමනේ අප ලද විශාල ජයග්‍රහණයකි. එය විශේෂයෙන් බොහෝ සමාගම් අත්හල තිබු ජන කොටස් වෙත රක්‍ෂණය රැගෙන යාම පහසුවක් වු බව” සමාගමේ ගරු සභාපති බැසිල් සේනාධීර මහතා අප සමග පැවසීය.

කවදත් සිය රක්‍ෂණ සැලසුම් හා හිමිකම් නිරාකරණයේදී ගනුදෙනුකරුවන්ට උපරීම සත්කාරයක් ලබාදීම සිය මුලික අරමුණුකරගත් කොපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී අභියේගමත් 2024 වර්ෂයේදී තවතවත් පාරිභෝගිකයාට ඉහල සේවාවක් ලබාදීම සඳහා දැනටමත් සැලසුම් සකස්කර කරමින් සිටී.