hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2023 මාර්තු 01, පෙ.ව. 10:57



පොල් මිල ඉහල යාමත් සමඟ ඇතැම් වෙළෙඳසැල් වල පොල් අලෙවි කිරීම නතර කර තිබෙනවා.

මේ හේතුවෙන් ජනතාවට පොල් මිලදී ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.

ඇතැම් වෙළෙඳ සැල් පොල් ගෙඩියක් රුපියල් 120, 130 සහ 160ක වැනි විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ජනතාව චෝදනා කරනවා.

එනිසා ජනතාව පොල් මිලදී නොගෙන පොල් කිරි පැකට්, පොල් කිරිපිටි මිලදී ගැනීමට පෙළඹී තිබෙන බව වාර්තා වනවා.

අවිස්සාවේල්ල කෝවිලක පූජකවරයෙකු සඳහන් කළේ දේවාලවල පොල් ගැසීමේ ආගමික කටයුතුද පොල් මිල ඉහල යාමෙන් නතර වී ඇති බවයි.