hit counter

2024 ජූනි මස 14 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:25



ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවයි.

මේ අතර ඊයේ දිනයේ නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

කොළඹ බේරේ වැව අසල වර්ග මීටර් 30,600 කින් යුක්ත වපසරියක ඉදිකළ නෙළුම් කුලුන ගොඩනැගිල්ල ඊයේ සිට මහජනතාවට විවෘත කෙරුණා.

ඒ අනුව සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් නෙළුම් කුලුන පරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ සිටි අයුරු දැකගත හැකි වුණා.