hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2022 අගෝස්‍තු 31, ප.ව. 4:16



දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම කටයුතු යොදා තිබෙනවා.

නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන දුන්නා.

මේ සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබා දෙනු ලැබ ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය මගින් යොදවා තිබෙනවා.

මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතයි.

ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්.

කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපනය කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කෙරෙනවා.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබා දීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවා.

මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ද සමරසිංහ මහතා අනාවරණය කර කළා.

එමෙන් ම ආයෝජකයන් 58ක් සමග මේ වන විට සාකච්ඡා කර ඇති අතර එයින් ආයෝජකයන් 22ක් සමග ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් තිබෙනවා.

මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලු ම මෙහෙයුම් තවදුරට ත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකියි.

තව ද රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් බවත් ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: