hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 7:02



හැටන් නගරයේ පිහිටි සුපිරි වෙලදසැලක මත්පැන් අලෙවි සැලේ ඊයේ (23) දින පමණක් රුපයල් ලක්ෂ පනහක මත්පැන් අලෙවියක් සිදු කල බව එම සුපිර වෙලදසැල් නිලධාරියෙකු පැවසුවා.

ඊයේ (23) දින එම සුපිරි වෙලදසැලේ දෛනික වෙලදාම රුපියල් ලක්ෂ 70ක් බවත්, ඉන් මත්පැන් අලෙවි සැලේ පමණක් රුපියල් ලක්ෂ පනහක අලෙවියක් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යයන් රුපියල් ලක්ෂ විස්සකට අලෙවි කර ඇත බවයි එම නිලධාරියා කියා සිටියේ.

දිපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මත්පැන් සැල් වසා දමා ඇති නිසා ඊයේ (23) දින මත්පැන් බෝතල් මිලදි ගැනිම සදහා විශාල ඉල්ලුමක් තිබු බවයි එම නිලධාරියා කියා සිටියේ.

මේ අතර දිපාවලි උත්සව සමය නිමිත්තෙන් හැටන් ලංගම ඩිපෝවෙන් (22,23,24) යන තෙදින තුල  දුර සහ කෙටි දුර ධාවනයට ලංගම බස් රථ ධාවනයෙන් තම ඩිපෝවට රුපියල්  ලක්ෂ එකසිය තිස් එකක අදායමක් උපයා ගත් බව එම ඩිපෝවේ නිලධාරියෙකු පැවසුවා.

එම අදායම උපයා ගැනිම සදහා තම ඩිපෝවේ රියදුරන්, කොන්දොස්තරවරුන්, නිලධාරින් සහ සේවකයින් දැඩි කැපවිමකින් සේවය කල බවත් දිපාවලි උත්සව සමය අවසන් වන තෙක්ම තම ඩිපෝවේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම නිලධාරියා පවසා සිටියේ.