2023 මැයි 31, පෙ.ව. 8:30
ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙරේදා (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව 15% ක පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධ මිල අඩුවිය යුතු බැව් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනයන්හි ඉහළ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියා. ඩොලරයේ අගය රුපියල් 190.00 සිට රුපියල් 370.00 දක්වා විචල්‍ය වූ පරාසය තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහළ ගියද මේ වනවිට ඩොලරයේ අගය විශාල ලෙස පහළ බසිමින් තිබෙන තත්ත්වයක් තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව අඩු විය යුතු යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ඉතාම කඩිනමින් මේ සම්බන්ධයෙන් මිල කමිටුව ඇතුළු අදාළ අංශ හා නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41