2023 මැයි 18, පෙ.ව. 7:15
මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බවයි.
ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඔහු කියා සිටියා.
ඔහු මේ බව පැවසූවේ ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13