hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 8:12



මෙම වර්ෂයේ (2022) දෙවන කාර්තුවේ දි මෙරට ආර්ථික වර්ධන වේගය 8.4%ක පසුබැසිමක් වාර්තා වී ඇති බැව් ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙකි කාර්තුව තුල  මෙරට ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්  ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු සහ  සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් 8.4%ක්, 10.0%ක් හා 2.2%ක් වශයෙන් සෘණ වර්ධන වේගයක් වාර්තා කොට ඇති බවද ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

විශේෂයෙන් කෘෂිකාර්මික අංශය තුල පසුබැසීම තුල ධාන්‍ය වගා කටයුතු 32.3% , තේ වගා කිරිම 19.7%, වී වගා කිරිම 15.6%ක් හා  කරදිය ධිවර කටයුතු 15.3%ක සෘණ වර්ධන වේගයක් වාර්තාකොට ඇත.

එමෙන්ම රබර් වගා කිරිම 13.7%, සත්ව නිෂ්පාදනය 13.6%, එළවගා කිරිම 13.2%ක් වශයෙන් සෘණ වර්ධන වේගයක් වාර්තා කොට ඇත.

පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය හිගය, ඉන්ධන සපයා ගැනිමේ ගැටළු විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුල පැවති අර්බුදකාරි තත්වය  ආදි ගැටඵ හේතුවෙන් ධාන්‍ය, වී, එළවළු, තේ, රබර්, කරදිය මසුන් ඇල්ලීම යන ක්ෂේත්‍ර සදහා දැඩි බලපෑමක් එල්ලවු බව ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.