hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූනි 14, ප.ව. 2:37



ලංකාවේ ආර්ථිකය මෙම අවුරුද්දේදීත් කඩා වැටෙන බව ලෝක බැංකුව පුරෝකතනය කර තිබෙනවා.

ලෝක බැංකුව මේ බව හෙළිකරන්නේ පසුගිය 07 වැනිදා නිකුත් කර තිබෙන වාර්තාවකින්.

ඒ වාර්තාවට අනුව 2023 දී මෙරට ආර්ථිකයේ ඇතිවන්නේ සෘණ 4.3 ක අගයක්. පසුගිය 2022 දී මෙරට ආර්ථිකයේ ඇතිවූයේ ද සෘණ 7.8 ක අගයක්.

ලෝක බැංකුවේ ඒ වාර්තාවට අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් මේ අවුරුද්දේ දීත් ආර්ථිකය කඩා වැටෙන්නේ ලංකාවේ පමණයි.

මාල දිවයිනේ ආර්ථිකය 6.6 කින් ද බංග්ලාදේශයේ ආර්ථිකය 5.2 කින් ද භූතානයේ ආර්ථිකය 4.5 කින් ද ඉන්දියාවේ ආර්ථිකය 7.2 කින් ද නේපාලයේ ආර්ථිකය 4.1 කින් ද පාකිස්තානයේ ආර්ථිකය 0.4 කින්ද මේ වසරේදී වර්ධනය වන බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.

ලංකාවේ ආර්ථිකයේ වර්ධනයක් විය හැක්කේ 2024 දීය. එයද 1.2ක වර්ධනයක් බවයි ලෝක බැංකුව පවසන්නේ.

එහෙත් 2024 දී මාලදිවයිනේ ආර්ථිකය 5.3 කින් ද බංග්ලාදේශයේ ආර්ථිකය 6.2 කින් ද ඉන්දියාවේ ආර්ථිකය 6.3 කින් ද වර්ධනය වන බව ලෝක බැංකු වාර්තාවේ සඳහන්.