hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:21



ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගත හැකි බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව සභාපතිවරයා පැවසුවා.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 150ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වහාම බිත්තර, සතොසට සහ තෝරා ගත් සුපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: