hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 16, පෙ.ව. 9:30



එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම මීට පෙර සිට ක්‍රියාත්මක වුණා.

ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිවුණා.