hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:03



 500kw දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින Hybrid Electric Vehicle (PEHV) 3000CC දක්වා අර්ධ තට්ටු කිරීම්වලදී ආනයනය කිරීම සඳහා CIF අගය මත ශුන්‍ය රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

දැනටමත් BOI සමඟ එකඟ වී ඇති සමාගම් සහ නව සමාගම් විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5‍0ක ආයෝජනයක් සඳහා එක්වීමට එකඟත්වය පළ කර ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන අතර ,2021 දී මෙම අවශ්‍යතා සපුරාලනු ඇතැයි විශ්වාස කරන තනි සමාගමකට ප්‍රතිලාභ සැලසෙන පරිදි නිර්මාණය කර ඇති මෙම වාහන සඳහා පළමු වසර දෙක තුළ අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බව ද එම සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙයට කැබිනට් අනුමැතිය ලැබුණහොත් ආර්ථිකයට, විදේශ මුදල් සංචිතයට හා ජාතික ආදායමට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි. ශ්‍රී ලංකා වාහන ආනයන කරැවන්ගේ සංගමයේ, ලේකම්, අරෝෂ රොද්‍රිගෝ මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“මේ ප්‍රශ්නය ඉස්සෙල්ලම පටන් ගත්තේ volkswagen කර්මාන්ත ශාලාවක් ලංකාවට එනවා කියලා. ඊට පස්සේ ඒක එහෙමම නැති වුණා. අලුතෙන් දැන් ඇවිල්ලා තියනවා කැබිනට් එකට cabinet paper එකක්. මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව අපි කියලා තියෙනවා. මේ ආයතනයේ නම සඳහන් කරලා කැබිනට් පත්‍රිකාව ඇවිල්ලා තියෙන්නෙ. ටයිටල් එක තියෙන්නෙ vehicle assembling plant project at කුලියාපිටිය by වෙස්ටන් automobile assembly private limited කියන එක western automobile assembly ප්‍රයිවට් ලිමිටඩ් senok automobile කියන එක. ඒගොල්ලො 2021ට කලින් මේ ලංකාවේ vehicle assembly එකක් කරන්න permission එකක් අරන් තිබුණා. ඒක එහෙම අඬාල වෙලා දැන් අලුතෙන් මුහුණුවරකින් ඇවිල්ලා තියෙන්නේ.

ඒගොල්ලො ඉල්ලනවා permission මේකට. වාහනයේ යන විදියට සම්පූර්ණයෙන්ම මේක ලංකාවට ආනයනය කරලා තීරුබදු රහිතව ආනයන කරන්න. අනිත් එක assembling කියලා මේකෙ මාතෘකාව තිබුනට කිසිම දෙයක් ලංකාවේ එකතු නොකරන විකුණන විදිහකට. ඒකෙන් සාමාන්‍යයෙන් මේක assembling ගත්තොත් මේක වෙන්නේ වාහනයක් parts වශයෙන් ගෙන්වනවා, ඒකට 30%ක තීරු බද්දක් රජයට ගෙවනවා. ගෙවලා ලංකාවට ආපුවාම ඒකට value එකක් add කරනවා. අපි හිතමු සීට් හදනවා ,ඒකට ලංකාවේ නිර්මාණයක් කරලා තමයි මේක එළියට දාන්නෙ. අපි හිතමු මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන විදිහට එකක් තමයි, මේක තීරු බදු රහිතව තමයි ගෙන්වන්නේ. අනිත් එක තමයි මේක ලංකාවට ගෙනල්ලා කිසිම වැලිව් එකක් add නොකර පළවෙනි අවුරුදු දෙකට කිසිම දෙයක් නොකර මේක අපිට විකුණන්න දෙන්න කියලා. ඊට අමතරව මේ කැබිනට් පත්‍රිකාව දාල තියෙන්නේ තව ප්‍රොපෝසල් එකක් එක්ක. ලංකාවට ඩොලර් මිලියන 50ක ආයෝජනයක් ගෙනාවොත් එහෙම, ඕන කෙනෙකුට මේ විදිහේ අවස්ථාවක් ලබාදෙනවා කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ ඩොලර් මිලියන 50 ක් අලුතින් ගෙනාවොත් 2021 දෙසැම්බර් 31 වෙද්දි මේගොල්ලෝ රුපියල් බිලියන අටක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. හැබැයි එදාට dollar rate එක.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: