hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ජූලි 05, පෙ.ව. 9:15



ගෑස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියයි.

ආපනශාලා පවත්වා ගෙන යාමේදි සේවක වැටුප් එලවළු මිල කුකුල් මස් මිල, තිරිගු පිටි මිල ඉහල මිලකට ලබා ගන්නා බවත්, ඒ අනුව අඩු වු ගෑස් මිලට සමගාමිව පාරිභෝගිකයන්ට තම ආපනශාලාවල නිෂ්පාදනය කරනු ලබන ආහාර අඩු මිලට ලබා දිය නොහැකි බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පැවසුවා.

හැටන් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව කියා සිටින්නේ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල රජය මගින් අවස්ථා කිහිපයකදී අඩු කලද හැටන් නගරයේ ව්‍යාපාරිකයන් අඩු කල මිලට තමන්ට ආහාර ලබා නොදෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: