hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 03, පෙ.ව. 10:59



Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී තිබෙනවා.

පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘Great Place to Work Awards 2022’ සම්මාන උළෙලට සහභාගී වූ Fcode Labs කණ්ඩායම වෙත මෙම සහතිකය පිරිනමනු ලැබුවා.