hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 03, ප.ව. 4:26



පවතින අසීරු අවස්ථාවේ දී රට වෙනුවෙන් කරන මෙහෙවර හේතුවෙන් ඉතිහාසය විසින් යම් දිනක මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වීරයන් බවට පත් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ නායකයා සේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන් මත පැවරී ඇති බවයි.

නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (02) අමාත්‍යාංශයේ පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රටේ ප්‍රධාන ආදායම් ප්‍රවාහය වන බදු ගෙවන ජනතාව තෘප්තිමත් කරන ආකාරයෙන් කටයුතු කිරීමේ වගකීම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ බදු මුදල් වැය කිරීම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.