hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 06, පෙ.ව. 12:04



රට ආර්ථික අතින් බංකොලොත්වීමට බලපෑ ප්‍රධාන හේතු 4 ක් සහ තවත් අතුරු කාරණා ගණනාවක් බංකොලොත්භාවයට හේතු විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව වෙත සරසවි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය බදාදා පැවති මෙම කමිටුවේ මංගල රැස්වීම සඳහා දිවයිනේ සියලුම සරසවිවල ආර්ථික විද්‍යා අංශ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් කැඳවා තිබෙනවා.

සරසවි සියල්ලේම ආචාර්ය මහාචාර්යවරුන් 29 දෙනකු මෙකී ආරම්භක රැස්වීමට පැමිණ සිටීම විශේෂයක්.

සරසවි ආචාර්යවරුන් රට බංකොලොත්වීමට බලපෑ ප්‍රධාන හේතූන් ලෙස සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදේශ ණය ලබාගෙන එම මුදල් ආයෝජනය නොකර පරිභෝජනය සඳහා වියදම් කිරීම, 2019 බලයට පත්වූ රජය විසින් විශාල ලෙස බදු අඩු කිරීම, 2015 යහපාලන රජය විසින් රාජ්‍ය සේවකයන්ට 100% කටත් අධික වැටුප් වර්ධකයක් ලබාදීම සහ රසායනික පොහොර තහනමයි.

මෙයට අමතර හේතු ලෙස රටට විශාල ප්‍රයෝජනයක් නැති මෙගා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද බංකොලොත්භාවයට හේතුවක් ලෙස සරසවි ආචාර්යවරුන් පෙන්වා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: