hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 1:04



මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් ලබන පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

ඒ සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුමැතියද හිමි ව තිබෙනවා.

NVQ 4.5 යටතේ මීට සහතික පත් ලබාදීමටද පියවර ගන්න අතර දකුණු ආසියාවේ එම්බාම් කිරීම සඳහා මෙලෙස එම්බාම් පුහුණු පාසලක් ඉදිවන බවද හෙතෙම අනාවරණය කළා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාය විචච්චේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම පුහුණුවට මේ වනවිට 40 දෙනකු අයැදුම් කර තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෘත ශරීර එම්බාම් කිරීමට අයැදුම්කරුවන් පුහුණු කර විදෙස් රටවලට රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියා.

නො. 410, අතුරුගිරිය පාර, මාලබේ යන ලිපිනයේ මෙම පුහුණු පාසල ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා යුරෝපා රටවල දැනට භාවිත කරන නවීන තාක්ෂණයද උපයෝගී කරගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.